Monday, March 21, 2011

අලුත් නවාතැන...



පියාපත් තිබුණි නමි
අකල් වැහි වැ‍‍ටෙන විට
නොතෙමි ඈතකට 
පියඹන්න තිබුන මට...

ඉරිතැලෙන ඉඩෝරෙන්
හෙමිබත්ව...
සරැ බිමක් ලෙස පෙනුන 
‍‍මෙ  අලුත් ලැගුමි හල

එය තවත් නැවතුමක්
මිසක නොව සරැබිමක්
නොකැමැත්ත පෙරටු කොට
ලැගුමිලන්නට සිදු වු...













Friday, December 17, 2010

නිල් අහස යට

හැබෑවටම ජිවිතේ දුරයි තමයි. අපමණක් දුර සංසාරේ
හඩන ,රිදෙන ,තැවෙන, හදවත්
දරාගෙන හිනාවෙන මනුස්ස ජිවිත අපි... ඉරිතැලෙන අහිමි විමි වලින් කොයිතරමි
හදවත ගැහුනත් අපි බැදිමි වල හිර‍වෙලා... ජිවත් වෙනව කියන්නේ ඒකට.
අපි එහෙමයි හිත හදාගන්නේ...මෙ මොනවම කීවත් ජිවිතේ හැඩය කියන්න
 මට බැරි වෙයි ඒත් එක දෙයක් පුලුවන්.
දෙනෙත් රතු කරගෙන ඇද ‍වැටෙන තදුලකට
හදවත ශක්තිමත් කරන්න බැහැ... ඒත් දුකින් මිරිකෙන හැගිමි දිය කරල
හරින්න පුලුවන් වෙයි...
ජිවත් වෙන්න දුක දියකරල හැරලා විතරක් මදි.
හදවත ශක්තිමත් වෙන්නත් ‍ඕනා...
ඒක අභියෝගයක්...
ජිවත් වෙන්න ආස කරවන අභියෝගයක්...
උත්සාහ කරන්න...
‍මෙ නිල් අහස යට... 
මල් පිපෙන වසන්තය එන්නේ එතකොටයි...!

විවාහය...!






විවාහය සෘතූවක්...
දඩබිබර හදවතේ 
අයිස් මෙන් හීතලට
කැටි ගැසුන හැගීමක්
නුඹ පැමිණෙන්න පෙර
මා නොදුටු සිහිනයක්...